පර්පෙචුවල් සමාගම සත්‍ය හඬ පට කොමිසමට භාර දෙයි

Friday, 01 September 2017 - 7:46

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B4%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව පිළිබදව චෝදනා එල්ල වූ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් විකෘති නොකරන ලද සත්‍යය හඩපට ඊයේ (31) කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම, විකෘති කළ හඩ පට ලබාදුන් බව කියන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි නුවන් සල්ගාදු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ බැදුම්කර කොමිසමට දැනුම් දුන්නේ.

එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළේ ඔහු විශම සාක්ෂි ගෙතීම සහ විනාශ කිරිමෙන් අපරාධමය වරදක් සිදුකළ බවට තහවුරු වී ඇති බවයි.

පසුගිය ජුලි මස පස්වනදා සිය සමාගමේ දුරකථන ඇමතුම් පටිගත කිරීමේ පද්ධතියේ මකා දැමීමට නුවන් සල්ගාදු උපදෙස් ලබාදුන් බවයි පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි සචිත් දේවතන්ත්‍රී ඊයේ කොමිසම හමුවේ කියා සිටියේ.

එලෙස මකා දැමීමට අවශ්‍ය හඩ පට 15 ක පමණ ලිඛිත සටහනක් ද තමන්ට ලබාදුන් බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එම හඩ පට මකා දමා එය සැගවීමට වෙනත් හඩ පට ප්‍රතිස්ථාපනය කර ඇති බවයි කොමිසම හමුවේ ඊයේ හෙළි වුණේ.

කෙසේ වෙතත්, සාක්ෂිකරු ප්‍රකාශ කළේ එම හඩ පට මකා දැමීමට පෙර එහි අනුපිටපතක් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමගාමේ ප්‍රධාන අලෙවි නිලධාරි නුවන් සල්ගාදුට ලබාදුන් බවයි. අදාළ වෙනස් නොකරන ලද හඩ පට ඊයේ පස්වරුවේම කොමිසමට ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සාක්ෂි විමසීම තාවකාලිකව අත්හිටුවමින් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඉල්ලීමක් කළා.

ඒ අනුව, විකෘති නොකරන ලද හඩ පට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි නුවන් සල්ගාදු විසින් ඊයේ ඉදිරිපත් කළ අතර, ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට කොමිසම තීරණය කර තිබෙනවා.