ගොවියෙකුගෙන් අල්ලස් ගත් ක්ෂේත්‍ර සහකාරවරයෙකුට වසර 20 ක සිරදඩුවම්

Friday, 01 September 2017 - 7:58

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+20+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ගොවියෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවෙකු වූ ක්ෂේත්‍ර සහකාරවරයෙකුට බරපතල වැඩ සහිතව වසර 20 ක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (31) පියවර ගත්තා.

ගොවිතැන් කිරීම සදහා රක්ෂිතයක් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමට මෙලෙස අල්ලස් ගෙන ඇති බවටයි අධිකරණයේදී කරුණු හෙළිදරව් වී ඇත්තේ.

මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ හැටන් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සහකාරවරයෙකුටයි.