අවුරුදු 21 ක් ගණිකා සේවයේ යෙදුණු කාන්තාවක් අල්ලයි

Friday, 01 September 2017 - 9:51

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+21+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කාන්තාවක් විසින් මෙහෙයවු ජංගම ගණිකා ව්‍යාපාරයක්  අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

එම කාන්තාව විසින් ගණිකා වෘත්තියේ යෙදවූ  කාන්තාවන් දෙදෙනෙකු ද ගම්පොළ කොට්ඨාශ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත්තා

නාවලපිටිය- මීපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගණිකා ව්‍යාපාරය මෙහෙය වූ  කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 24 , 27 සහ 44 වයස්වල පසුවන්නියන්.

ජංගම ගණිකා සේවය මෙහෙයවු කාන්තාව අවුරුදු 21 ක් පුරා ගණිකා සේවයේ නිරතවු කාන්තාවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය එම අවුරුදු 21 ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ පළමු වරට බව සඳහන්.  

නාවලපිටිය, වැලිගම්පොල, සමනලගම, ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන් සියලුදෙනා විවාහක අය වන අතර අවුරුදු 24 ක කාන්තාව සහ අවුරුදු 27 ක් වන කාන්තාවට දරුවන් ද සිටින බවට ද අනාවරණ වී තිබෙනවා.

මෙම කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ නම් එහි ප්‍රධාන තැරැව්කාර කාන්තාවට අමතා ඔවුන් ලබාගත යුතු වනවා.

ඒ අනුව පොලිසියේ උපාය දුතයෙකු යොදවා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ පොලිස් බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදුකරනු ලැබුවේ.

සැකකාරියන්ට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.