මඩකලපුවේදී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී

Friday, 01 September 2017 - 10:30

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මඩකලපුව - තිරයිමඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට පැන ඊයේ මෙලෙස සියදිවි හානිකරගත් පුද්ගලයා පිළිබදව අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

ඊයේ රාත්‍රී 8.25 ට පමණ අනතුර සිදුව තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වන අතර, සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.