මීගමුව රෝහලේදී පාකිස්තානු ජාතිකයෙකුගේ ආමාශයෙන් හෙරොයින් එළියට ගනී

Friday, 01 September 2017 - 12:05

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හෙරොයින් ගුලි ලෙස සකස් කොට , ඒවා ගිල දමා පැමිණි 32 හැවිරිදි පාකිස්තානු ජාතිකයාගේ සියලුම හෙරොයින් ගුලි එළියට ගැනීමෙන් පසු මීගමුව මහ රෝහලෙන් පිටත් කර තිබේනවා.

ඒ අනුව රෝහල් වෛද්‍යවරුන් ඔහුගේ ආමාශයේ තිබී හෙරොයින් ගුලි 37 ක් එළියට ගනු ලැබූ අතර , ඒවායේ ග්රෑම් 367 ක් බර රුපියල් ලක්ෂ 38 ක් පමණ වටිනා හෙරොයින් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙම පාකිස්තානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ මස 04 දා තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගත් අවසරය මත ,කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානයේ තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා ඉකුත් 28  වැනිදා දහවල් 2.30 ට පමණ පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.