ඉන්දීය විදේශ ඇමතිනිය ජනපති සහ විදේශ කටයුතු ඇමති හමුවේ

Friday, 01 September 2017 - 13:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන හමු වුණා.

ඉන්දීය විදේශ ඇමතිනිය, ජනාධිපතිවරයා හමු වුණේ ජනාධිපති නිල නිවසේදීයි.

ඇය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන එම අමාත්‍යාංශයේදී හමුවු බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිණී කොළොන්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඊයේ පස්වරුවේ පැවැති ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අරලිය ගහ මන්දීරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමු වුණා.

ඉන්දීය සාගර සමුළුවට සහභාගිවිම සඳහා ඇය ඊයේ මෙරටට පැමිණී අතර, අද  පස්වරු 3.00 ට දිවයිනෙන් පිටත්ව යැමට නියමිතයි.