විස්ස ගැන කතා කරන්න එජාප සහ නිදහස් පක්ෂ ප්‍රබලයන් හමුවෙයි

Friday, 01 September 2017 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනක පැවැත්වීමේ විධි විධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක් ලබන සතියේ සිදුවීමට නියමිතයි.

20 වන සංශෝධනය එය පරාජයට පත්වූ දකුණු සහ ඌව පළාත් සභාවලට කඩිනමින් යළි ඉදිරිපත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇති.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ 20 වන සංශෝධනය දකුණු සහ ඌව පළාත් සභාවලට යළි කඩිනමින් ඉදිරිපත් කිරීම පිළිබද රජයේ අවධානය යොමුවී ඇති බවයි.

එමෙන්ම ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම, අමාත්‍ය එස්.බී දිසානායක කියා සිටියේ 20 වන සංශෝධනය තුළ පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සාකච්ඡා කරන බවයි.