අද පෘථිවිය ලඟට එන සැතපුම් 3ක් දැවැන්ත වස්තුව මෙන්න

Friday, 01 September 2017 - 13:46

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9F%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සැතපුම් 3 ක් පමණ විශාල දැවන්ත උල්කාවක් අද පෘථිවියට සමීපයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල් සිහිකිරිම සඳහා ෆ්ලොරන්ස් ලෙස නම් කෙරුණු මෙම උල්කාව පෘථිවියට සැතපුම් මිලියන 4.4 ක් ඈතින් ගමන් කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 5 යි 35 ට පමණයි.

විශ්වයේ දුර ප්‍රමාණවලට සාපේක්ෂව එය පෘථිවියට සමීප දුරක් ලෙස සැලකිය හැකි බවයි නාසා විද්‍යාඥයන් කියා සිටියේ.

මෙම උල්කාව 1890 වර්ෂයේදීද පෘථිවිය සමීපයෙන් ගමන් කර ඇති අතර, නැවතත් එවැනි ගමනක් සිදුවනු ඇත්තේ වසර 2500 න් අනතුරුවයි.

මේ අතර වසර 2012 දී පෘථිවියට දර්ශනය වූ ග්‍රහකයක් නැවතත් දර්ශනය වීමත් සමඟ නාසා ආයතනය විසින් පසුගියදා ඒ පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකළා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ ඔක්තෝබර් මස 12 වනදා මෙම ග්‍රහකය පෘථිවියට සැතපුම් 4,200 ක් දුරකින් ගමන්කරන බවයි.

කෙසේ හෝ මීට පෙර මෙම ග්‍රහකය පෘථිවියේ ගැටීමේ අවධානමක් පවතින බවට වාර්තා වූවා.

කෙසේ වුවත් නාසා ආයතනය මේ වනවිට අනාවරණ කරගෙන ඇත්තේ එය පෘථිවියේ ගැටීමේ අවධානමක් නොමැති බවයි.

එසේ වුවත් එය පෘථිවියේ ගැටීමක් සිදුවුවහොත් දරුණු විනාශයක් සිදුවන බවයි එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම ග්‍රහකය 2012 දී පෘථිවියට දර්ශනය වී නැවත නොපෙනී ගියා.

එහි විශාලත්වය මීටර් 10 ත් 30 ත් අතර පවතින බවටයි වාර්තා වන්නේ.

නාසා ආයතනය විසින් මෙය නම්කර ඇත්තේ 2012 TC4 යනුවෙන්.

2013 වසරේදී රුසියාවේදී මෙවැනි ග්‍රහකයක් පොලවට වැටීම හේතුවෙන් රුසියාවේ Chelyabinsk ප්‍රදේශයේ 1,500 ක් අනතුරට ලක්වුණා.

ඒ හේතුවෙන් ගොඩනැගිලි 7000 කට හානි සිදුවූවා.

එහි විශාලත්වය මීටර් 18ක් වූවා.

කෙසේ වෙතත් 2012 TC4 පෘථිවියේ ගැටීමක් සිදුවුවහොත් එයට වඩා දරුණු විනාශයක් සිදුවියහැකි බවයි නාසා ආයතනය පෙන්වා දී ඇත්තේ.