Update - ඉන්ධන නිසා නැවතුණු ජල සැපයුම යළි ඇරඹේ

Friday, 01 September 2017 - 14:51

Update+-++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉන්ධන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී, එහි ඉන්ධන කළු ගඟට මුසුවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අත්හිටවූ ජල සැපයුම මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා.

නියමිත පීඩනයෙන් ජලය නිකුත් වීමට කෙටි කාලයක් ගත වනු ඇති බවයි එහි ප්‍රකාශිකාවක කියා සිටියේ.

රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයේ කිරිඇල්ල - මඩල ප්‍රදේශයේදී බවුසරය පෙරළී ගොස් මෙම අනතුර සිදුවුුණා.

මේ වන විට ගඟට මුසු වූ ඉන්ධන ඉවත් කිරීම ද අවසන් කර තිබෙනවා.

මොරටුව, පානදුර, බණ්ඩාරගම, රයිගම, වැල්මිල්ල, හොරණ, කුඹුක, මොරොන්තුඩුව, කිරිබත්තුඩුව, කහතුඩුව, මිල්ලනිය, කැස්බෑව, පිලියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ජල සැපයුම මෙලෙස අත්හිටුවා තිබුණා.  

බවුසරය පෙරලීමෙන් රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයේ ඉංගිරියේ සිට කිරිඇල්ල දක්වා කොටස පැය 15 කට අධික කාලයක් වසා දැමීමට සිදුවුනා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බවුසරයේ පෙට්‍රල් ලීටර් 3300ක් තිබී ඇති අතර, පොලීසිය පැවසුවේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ බවුසරයේ රියදුරා සහ සහායකවරයා, කිරිඇල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

හොරණ - කඳාන ජල පවිත්‍රාගාරයේ කළමනාකරු ආර්.වී.පී. විජයරත්න කියා සිටියේ අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටි ජල පවිත්‍රාගාරය දක්වාම ගං දියට ඉන්ධන මුසුවී තිබූ බවයි.

Update :- Friday, September 1, 2017 6.38 Pm
-------------------------------------------------------------

ඉන්ධන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී, එහි ඉන්ධන කළු ගගට මුසුවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අත්හිටවූ ජල සැපයුම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බව  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා.

අද දිනය තුළ යළි ජලය සැපයීමට උපරිම උත්සාහ දරන බවයි එහි ප්‍රකාශිකාවක කියා සිටියේ.

රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයේ කිරිඇල්ල - මඩල ප්‍රදේශයේදී බවුසරය පෙරළී ගොස් මෙම අනතුර සිදුවුුණා.

මේ වන විට බවුසරය ඉවත් කර, ගඟට මුසු වූ ඉන්ධන ඉවත් කිරීම ද අවසන් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මොරටුව, පානදුර, බණ්ඩාරගම, රයිගම, වැල්මිල්ල, හොරණ, කුඹුක, මොරොන්තුඩුව, කිරිබත්තුඩුව, කහතුඩුව, මිල්ලනිය, කැස්බෑව, පිලියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට තවමත් ජලය සැපයෙන්නේ නැහැ.