අම්මයි තාත්තයි පුතයි බේරන්න රත්නපුරේදී මිනිස්සු යකඩ සමග පොරබැදූ හැටි (ඡායාරූප)

Friday, 01 September 2017 - 18:01

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රත්නපුර බටුගෙදර හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූවා.

ඊයේ රාත්‍රී 11.50 ට පමණ මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ අම්පාර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව,පියා සහ පුතා බවයි වාර්තා වන්නේ.

ඔවුන් අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ පැවති මංගල සාදයකට සහභාගී වීමට පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 80 සහ 45 යන වයස්වල පසුවු දෙදෙනෙක් සහ 65 හැවිරිදි කාන්තාවක්.

අනතුරින් තුවාල ලැබු එම පවුලේම කාන්තාවක් සහ කැබ් රථයේ ගමන් කළ 5 දෙනෙකු ද රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ අනතුරට ලක්වූවන් බේරාගැනීමට ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දැරුවේ මේ අයුරින්.

සංවේදී දර්ශන සහිතයි








ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල