ඉදිරි වසර තුනකින් ආර්ථිකය ශක්තිමත් - අගමැති

Friday, 01 September 2017 - 18:58

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ඉදිරි වසර තුන සඳහා වන සංවර්ධන යුගයේ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සඳුදා හෙළිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

මාලඹේ ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව අගමැතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

‘‘අපි  ඕන ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න. ඒ ශක්තිමත් ආර්ථිකය ඇති කරන්න මේ විදේශ ආයෝජකයන් ගේනවා. දේශීය ආයෝජකයන්ට අපි විශේෂයෙන්ම සහන ලබලා දෙනවා. දිරිගන්වනවා. කුඩා ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරනවා..ඇයි...රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න..රැකියා වැඩියෙන් ඇති කරන්න..දැන් රැකියා වැඩියෙන් ඇතිවෙලා තියෙනවා, සාක්කුවේ තියෙන ආදායම වැඩි කරන්න. ඒ මුදල් වැඩි වුනහම තමයි මේ වෙළඳපොලට ඇවිල්ලා, කඩේට ඇවිල්ලා, සුපර් මාකට් එකට ගිහිං බඩු භාණ්ඩ මිලදීලා ගන්නේ. අන්න ඒ ආර්ථික දියුණුව ඇති කරන්නයි අපි ක්‍රියා කරන්නේ. දැන් අපි ඔක්කොම එකට එකතු වෙලා ඊලඟ අවුරුදු තුනේ තමයි අපේ සංවර්ධන යුගයේ ඒ වැඩසටහන් සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඒක හෙළි කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම කියන්න කැමැතියි.’’