සයිටම් ගැටළුව විසදන කමිටුවට දින 10ක්

Saturday, 02 September 2017 - 7:41

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+10%E0%B6%9A%E0%B7%8A
සයිටම් ගැටළුව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සකස් කරන වාර්තාව දින 10ක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පත් කළ කමිටුවට දැනුම් දී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා ඇතුළත් අනෙකුත් සාමාජිකයන් වන්නේ නීතිපති ජයන්ත ජයසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වායි.

මේ අතර, සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බල කරමින් කොටුව දුම්පොළ ඉදිරිපිට සයිටම් විරෝධී ජන පවුර සිදුකරන උපවාසය අද 13 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඊයේ දිනයේදී එම උපවාසයට සහය දැක්වීම සඳහා ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් පැමිණ තිබුණා.

මේ අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශීෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝ්ධය පල කරමින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වුණා.