දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා ශ්‍රී ලංකාවට

Saturday, 02 September 2017 - 8:10

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B6%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%B8%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා ඊයේ මැදියම් රැයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, චීනයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගිවීම සඳහා යන අතරතුරයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම 1යි 40 දක්වා ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැදී සිටිමින් රාත්‍රී භෝජනය ද ලබා ගත් බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය වසර 8 මුළුල්ලේ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ 75 හැවිරිදි ජේකොබ් සූමා ඔහුට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ජය ගැනීමට පසුගිය දා සමත් වුණා.