අගෝස්තු 29 දා සිට පුද්ගලයෙකු අතුරුදන්

Saturday, 02 September 2017 - 12:46

%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+29+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පසුගිය අගෝස්තු 29 දා සිට අතුරුදන් වූ  පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇති පුද්ගලයා මනිමෙල් පීරිස් නමැති 78 හැවිරිදි වියේ පසු වූ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

පසුගිය 29 දින දහවල් 11 ත් 12 ත් අතර කාලයේ සිට මොහු මෙලෙස අතුරුදන්ව ඇති බවයි නිවැසියන් පැවසුවේ.

ඔවුන් සදහන් කරන්නේ අදාල පුද්ගලයා සිය බිරිඳගේ වියෝවෙන් පසු දැඩි කනස්සල්ලෙන් නිවස තුළ ජීවත් වූ බවයි.

අතුරුදන් වූ තම පියා සොයා දෙනමෙන් දරුවන් කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තොරතුරක් ලද විගස 0715113663 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

අතුරුදන් පුද්ගලයාගේ ඡායාරූපය පහතින්.