නව ව්‍යවස්ථාව කඩිනම් කරන්න - සම්බන්ධන් ඉන්දියාවට කියයි

Saturday, 02 September 2017 - 12:54

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සහතිකවීමක් අපේක්ෂා කරන බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

එම ක්‍රියාවලිය විවිධ හේතු දක්වමින් රජය කල් දමමින් සිටින බවයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ.

ඇය දිවයිනට පැමිණියේ කොළඹ පැවැති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහායි.

දිවයිනට පැමිණ සිටින ඇමරිකානු නියෝජිතවරිය වන ඇලිස් වෙල්ස් හමුවූ අවස්ථාවේදී ද විපක්ෂ නායකවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක නිරත වූ බව සඳහන්.