ඒකාබද්ධයේ යුතුකම ගැන බලාපොරොත්තුවෙන් - නිදහස් පක්ෂ මහලේකම්

Saturday, 02 September 2017 - 13:00

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂයට සම්බන්ධ සියලු පාර්ශව වල පැමිණීම බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට දෙවන වරටත් සංවත්සරයට සහභාගිවීමට ආරාධනා කළ බවයි.

එමෙන්ම පක්ෂ සංවත්සරයට සහභාගි නොවන පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අප කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ එය තීරණය වන්නේ හෙටින් පසුව බවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයට සහභාගි නොවීමට තම කණ්ඩායම තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය කියා සිටියේ පක්ෂ සමුළුවට කිසිවෙකුටත් විශේෂයෙන් ආරාධනා කිරීමක් අවශ්‍ය නොවන බවයි.