උතුරු කොරියානු අත්හදා බැලීමෙන් පසු ජපානය, ජාතික ආරක්ෂාව පිළිබදව යළි සලකා බලයි

Saturday, 02 September 2017 - 16:02

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කරමින් උතුරු කොරියාව සිදුකළ අත්හදා බැලීමකින් පසු ජපානය එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හදිසි ප්‍රහාරයක් එල්ල වුවහොත් එය වළක්වා ගැනීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, නව මිසයිල කිහිපයක් මිලදී ගැනීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අගහරුවාදා උතුරු කොරියාවට ජපානයට ඉහළින් යන පරිදි මිසයිලයක් අත්හදා බලා තිබුනා.

මෙම තත්වය හමුවේයි ජපානය යළිත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තීරණය කර ඇත්තේ.

මෙම මිසයිල අත්හදා බැලීම පෙර නොවු විරූ ආකාරයෙන් සිදුවුවක් වන අතර එමගින් භයානක තර්ජනයක් මතුව ඇතැයි ජපාන අගමැතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

ජපාන නව ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ තම මිසයිල පද්ධතිය යළිත් සක්‍රිය කිරීමට කාලය එළඹ ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදීත් උතුරු කොරියාවේ මෙවැනි මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් තම රට අවධානමකට ලක්වනු ඇතැයි ද ඔහු පෙන්වාදී තිබෙනවා.