කාත්තන්කුඩි ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Saturday, 02 September 2017 - 18:27

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කාත්තන්කුඩි ආරියම්පති ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මඩකලපුව - කල්මුණ ප්‍රධාන මාර්ගයේ ආරියම්පති තැපැල් කාර්යාලය අසලදී අද දහවල් 12.40 ට පමණ අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක මාර්ගයේ ගමන් කළ පදිකයෙකු ගැටීමෙන්.

රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා ආරියම්පති රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුයේ ආරියම්පති ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මෘත ශරීරය ආරියම්පති රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.