විග්නේෂ්වරන්ට එරෙහිව ඩෙනීස්වරන් නඩු දමයි

Saturday, 02 September 2017 - 19:25

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව උතුර පළාත් ප්‍රවාහන අමාත්‍ය බී.ඩෙනීස්වරන් අභියානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඔහු එමඟින් සඳහන් කර ඇත්තේ මහ ඇමතිවරයාට එලෙස අමාත්‍ය ධුර වෙනසක් සිදුකිරීමට බලතල නොමැති බවයි.

‘‘උතුර පළාත් මහ ඇමති විග්නේෂ්වරන් සහ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වගේම පළාත් සභාවේ අනෙකුත් අමාත්‍යවරුන්ට එරෙහිව අභියාචනාධිකරණයේ මම පෙත්සමක් ගොනු කළා. උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර වෙනස් කිරීමේදී මහ ඇමතිවරයා නීතිවිරෝධීව කටයුතු කිරීම නිසා තමයි මේ පෙත්සම ගොනු කරේ. ඒ වගේම ආණ්ඩුකාරතුමා ගිය මාසේ 23 වැනිදා අලූතින් අමාත්‍යවරු දෙදෙනෙකු පත් කරා. එතකොට ගිය 20 වැනිදා මාව අමාත්‍ය ධුරයෙන් අයින් කළා කියලා මහ ඇමතිතුමා මට ලියුමක් එවලා තිබුණා. 13 වන සංශෝධනය හා පළාත් පාලන හා පළාත් සභා පනතේ කිසිම තැනක මහ ඇමතිතුමාට, පළාත් සභාවේ ඇමතිවරුන් අයින් කරන්න කිසිම අයිතියක් දීලා නෑ. ඒ අනුවයි මම මේ පෙත්සම ගොනු කරේ. ’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

උතුර පළාතේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ගැටළු මතුවුණේ මහ ඇමතිවරයා විසින් දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමත් සමගයි.

උතුර පළාතේ නව අමාත්‍ය මණ්ඩලය පසුගිය 23 වනදා දිවුරුම් දුන්නා. ඒ

අනුව ප්‍රවාහන අමාත්‍යාංශයද ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යටතට පවරා ගැනුනා.

ටෙලෝ සංවිධානය නියෝජනය කළ ඩෙනීස්වරන් මන්ත්‍රීවරයා තනතුරෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පක්ෂ සාමාජිකයන් සහ ඔහු අතරද මතුවුණේ අර්බුදකාරී තත්වයක්.