ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ ප්‍රකාශයට නිදහස් පක්ෂයෙන් ප්‍රතිචාරයක්

Saturday, 02 September 2017 - 19:40

%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි ලබාදීමට තමා සූදානම් බවට ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඊයේ සිදුකළ ප්‍රකාශය ගැන මේ වනවිට දේශපාලන නායකයින් විවිධ අදහස්  පළ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ දැවැන්ත වෛරයක් සහ බලලෝභී කමක් සහිතව ඔහු එම ප්‍රකාශය සිදුකළ බවයි.

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පෙනී සිටින බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ ආවේගය තමන්ට වැටහෙන බවත් එසේ වූ පමණින් ජාත්‍යන්තරයට පක්ෂග්‍රාහීව කටයුතු නොකළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා.

හමුදාව සිදුකළ  ඕනෑම කාර්යයක් වෙනුවෙන් පෙනී සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ඇතැම් අමාත්‍යවරුන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරන්නේ නම් සරත්  ෆොන්සේකාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවයි.

රණවිරුවන් පාවාදීමට කිසිම අවස්ථාවක කටයුතු නොකිරීම රජයේ ස්ථාවරය බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ.