අම්පාරේ ඉදි කිරීමක් නිසා උණුසුම් තත්වයක්

Saturday, 02 September 2017 - 19:45

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අම්පාර - මානික්කම්මඩු ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පිරිසකට පොලීසිය පැමිණ තහනම් නියෝගයක් ඉදිරිපත් කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අම්පාර - මානික්කම්මඩු ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය සැලකෙන්නේ දීඝවාපියේ පරිවාර චෛත්‍ය අතරින් එකක් පිහිටි භූමියක් ලෙසටයි.

පුරාවිද්‍යා ස්ථානයක් ලෙසටද නම් කර තිබෙන මෙම ස්ථානයේ විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම සඳහා අනුමැතිය හිමිව ඇත්තේ මීට වසරකට පමණ පෙරදියි.

එම කටයුත්ත විවිධ හේතු මත ප්‍රමාද වීම හේතුවෙන් අම්පාර ප්‍රදේශයේ වැඩවසන ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් අද මෙම ස්ථානයට පැමිණ ඇත්තේ අදාල විශ්‍රාම ශාලාව ඉදිකිරීම වෙනුවෙන් භූමිය සුද්ද පවිත්‍ර කිරීමටයි.

කෙසේවෙතත්, එම කටයුත්තට පොලීසිය පැමිණ බාධා කළේ ඊට අධිකරණ නියෝගයක් ඇති බවට පවසමින්.

පසුව මෙම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරු කිහිපදෙනෙකුද පොලීසියට පැවසුවේ මෙම ඉදිකිරීම මේ අවස්ථාවේ සිදු නොකරන ලෙසටයි.

පසුව පොලීසිය භික්ෂූන් වහන්සේලා සමඟ කල සාකච්ඡාවකින් අනතුරුව එම ඉදිකිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.