රිය අනතුරකින් ජයවර්ධනපුර සරසවියේ සිසුන් 19 කට තුවාල

Sunday, 03 September 2017 - 6:26

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+19+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහරගම නාවින්න හංදියේ සිදුවු රිය අනතුරකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 11.20 ට පමණ අනතුර සිදුව ඇත්තේ සිසුන් ගමන් කළ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන්.

ඊයේ තලංගම ප්‍රදේශයේ පැවති වැඩමුලුවක් අවසානයේ සිසුන් 65 දෙනෙකු රැගෙන පැමිණි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථය නාවින්න හංදියේදී මෝටර් රථයේ ගැටී තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අනතුර සම්බන්ධයෙන් අදාළ රථය පැදවූ බව කියමින් එහි සිටි කාන්තාවක් පොලීසියට භාර වුවද මෝටර් රථයේ සිටි බීමත් පුද්ගලයෙකු අනතුර සිදුවන අවස්ථාවේ එය පදවා ඇති බවයි.

පසුව මහරගම පොලීසිය විසින් මෙම පුද්ගලයින් සිවුදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.