පාතාල සාමාජික ‘පත්තා’ ඝාතනය කරයි

Sunday, 03 September 2017 - 10:00

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E2%80%98%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E2%80%99+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පානදුර - වෙරළ තීරයේදී පාතාල සාමාජිකයෙකු වන ඉන්දික උදය කුමාර හෙවත් ‘පත්තා’ නැමැත්තා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් අතර, ඇති වූ ආරවුලකදී මොහු ඝාතනයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ‘පත්තා’ නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සගයන් සහ තවත් පිරිසක් අතර දිගුකලක් තිස්සේ පැවැති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ගැටුම සිදුවී ඇති බවයි.

පානදුර වෙරළ තීරයේ ළමා උද්‍යානය අසලදී ඊයේ පස්වරු 6 ට පමණ ඝාතනය සිදුව තිබෙනවා.

එහිදී ඇතිවු ආරවුලකින් පසු එක් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබු ඔහු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මරණයට පත්වුනේ.

දෙපිරිස අතර ඇතිවු ආරවුලෙන් පසු එක් පාර්ශවයක පුද්ගලයන් 3 දෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇතැයි මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

ඝාතනයට ලක්වු පුද්ගලයා පානදුර සාගර මාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මකයි.