විදේශ කටයුතු ඇමති ඉන්දියාවට

Sunday, 03 September 2017 - 12:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉදිරි සතියේ ඉන්දියාව බලා පිටත්ව යනවා.

ඔහු සමඟ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් ද ඉන්දීය චාරිකාවට එක්වීමට නියමිතයි.

විදේශ ලේකම්වරයා මීට පෙර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්. පසුගිය අගෝස්තු 15 වන දා වැඩ භාර ගත් නව විදේශ ලේකම්වරයාගේ ප්‍රථම විදේශ සංචාරය ද මෙයයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සිය ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ ද සාකච්ඡා  පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දීය සාගර සමුළුවට සහභාගි වුණා.

එහිදී ඇය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ද මුණ ගැසුණු අතර, ඇගේ චාරිකාවට සමගාමීව මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 76 දෙනෙකු ද මුදා හැරීමට පියවර ගැනුණා.