ඇමති ෆොන්සේකා සමාව ගත යුතුයි - කරුණාඅම්මාන්ගේ පක්ෂය කියයි

Sunday, 03 September 2017 - 12:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92++-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු හමුදාපති ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබදව ඔහු ජනතාවගෙන් සමාව අයදිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් එක්සත් දෙමළ නිදහස් පෙරමුණ පවසනවා.

අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගිය දා ප්‍රකාශ කළේ හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ අතර, ඒ පිළිබද සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බවයි.

තමන් හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

බ්‍රසීලයේ සහ කොළොම්බියාවේ අධිකරණවල ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව පසුගිය දා යුද අපරාධ චෝදනා ගොනු කළේ දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් විසින්.

අදාළ චෝදනා ගොනු කළ ජාත්‍යන්තර සත්‍යය සහ සාධාරණය උදෙසා වූ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂවරිය වන යැස්මින් සූකා ප්‍රකාශ කළේ ජෙනරාල්වරයා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීම සිය අපේක්ෂාව බවයි.

බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය ධුර කාලය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණි අතර, තමන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා.

ඊට පිළිතුරු ලෙසයි අමාත්‍ය සරත් ෆොන්සේකා ඉහත ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.