ඉන්දියාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

Sunday, 03 September 2017 - 15:06

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නව අමාත්‍යවරුන් 9 දෙනෙකු පත් කර ඇති අතර, ඔවුන් සියලූ දෙනාම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයන්වීම විශේෂත්වයක්.

ආරක්ෂක අමාත්‍ය ධුරයට නිර්මලා සීතාරාමන් පත්කර ඇති අතර, ඇය ඉන්දිරා ගාන්ධිට පසුව ඉන්දියාවේ ප්‍රථම ආරක්ෂක අමාත්‍යවරිය වනවා.

කෙසේ නමුත් ඇය එම තනතුරේ වැඩ භාරගනු ඇත්තේ දැනට ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන අරුන් ජෙයිට්ලි ජපානයේ පැවැත්වෙන ආරක්ෂක අමාත්‍ය සමුළුවට සහභාගිවී පැමිණීමෙන් අනතුරුවයි.

අද සංශෝධනයත් සමග මෝදි රජයේ අමාත්‍ය මණ්ඩලය 73 සිට 76 දක්වා ඉහළ යන අතර එය 81 දක්වා ඉහළ නැංවීමට අවකාශ පවතිනවා.