අවුරුදු 02ක දැරියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට (ඡායාරූප)

Sunday, 03 September 2017 - 15:29

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+02%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව, සිරිපුර, රත්මල්කණ්ඩිය ප්‍රදේශයේදී පදිංචිව සිටි කුඩා දැරියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෞශි කෞමදී නැමැති වයස අවුරුදු 02යි මාස 06ක් වයසැති දැරියක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් නිවාඩුව හේතුවෙන් අවුරුදු 09ක් වයසැති සිය සහෝදරිය සමඟ දියසෙන්පුර, විජිතපුර ප්‍රදේශයේ තම මිත්තනියගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

පසුගිය 30 වනදා තම මිත්තනියගේ නිවාස අසල පිහිටි ගල් වලක දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම අනතුර  සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් දැරිය පළමුව මැදිරිගිරිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරුව පොළොන්නරුව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියගේ තත්වය බරපතල වීමෙන් පසු ඇය අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.



ඡායාරූප - මින්නේරිය, රසාංග නිරෝෂන්