අද රාත්‍රියේත් පළාත් කිහිපයකට තද වැසි, කුකුලේගඟ වාන් දොරටු විවෘතයි - නායයෑම් අවදානම තවදුරටත්

Sunday, 03 September 2017 - 18:12

%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%2C++%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දැඩි නියඟයකින් පසු උතුර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට වැසි ඇද හැලෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ග පවා ජලයෙන් යට වී තිබෙනවා.

තද වැසි හේතුවෙන් කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක්ද විවෘත කෙරුණේ පවතින අධික වර්ෂාපතනයත් සමගයි.

මේ නිසා පහත්බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එමෙන්ම ලක්ෂපාන ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුනු වර්ෂාවත් සමඟ එම ජලාශයේ එක් වාන් දොරටුවක් අද උදෑසන විවෘත කළ අතර, එය මේ වනවිට වසා දමා තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම වර්ෂාව පවතින අවස්ථාවක දිය නාමින් සිටි අඹු සැමි යුවළකට අකුණුසැර වැදීමෙන් කාන්තාව මිය ගොස් පිරිමි පුද්ගලයා බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පුනරීන් - ඉරනයිමාදා නගර් ප්‍රදේශයේ පදිංචි මෙම අඹු - සැමි යුවළ ඊයේ සවස සිය නිවස අසළ ඇති ළිඳකින් දිය නාමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි.

සිද්ධියෙන් මියගිය කාන්තාව 40 හැවිරිදි වියේ පසුවන අතර, ඇය සයදරු මවක්.

මේ අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ මතුගම ප්‍රදේශයටයි.

එය මිලිමීටර 140.3 ක්.