ආරාධනාව ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්

Sunday, 03 September 2017 - 19:21

%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයට තමාට ආරාධනා කර ඇත්තේ කැමැත්තකින් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින්.

මොරවක - ඉලුක්කැටිය ප්‍රදේශයේ පැවැත්වුනු මෙම රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේද එක්ව සිටීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ පසුගිය 31 වනදා තමන්ට ආරාධනා පත්‍රය ලැබුණු අතර, සමහර මන්ත්‍රීවරුන්ට එය පළමුවනදා ලැබී ඇති බවයි.

එහෙත් ඇතැම් අයට එම ආරාධනා පත්‍ර ලැබී නොමැති බවද ඔහු එහිදී සඳහන් කළා.

අවශ්‍ය නම් සම්මේලනයට ඇවිත් යන්න වැනි හැඟීමක් මත තමන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.