ශ්‍රී.ල.නි.ප සභාපතිකමට මහින්ද පත් කරන්නැයි ඉල්ලූ පෙත්සමට අද ලැබුණ නියෝගය

Monday, 04 September 2017 - 10:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉවත් කර එම තනතුරට හිටප ජනපති මහින්ද රාජපක්ෂ පත් කරන්නැයි ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයේ මුලික විරෝධතා ගැන ලිඛිත දේශන අද (04) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ඉදිරියේ ඉදිරිපත් කර තිබෙනවා.

 මුලික විරෝධතා ගැන ලිඛිත දේශන අද (04) ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය 29දා  නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත හා අසංක ශ්‍රීනාත් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

මෙම ලිඛිත දේශනා සලකා බලා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න නියෝගය මේ මස 29 නිකුත් කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා අද සඳහන් කළා.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අතරතුර හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමන් බවයි.