ගබ්සාව නීතිගත කිරීම ගැන රාජිත කතා කරයි

Monday, 04 September 2017 - 12:01

%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටිනවා.

ගබ්සාව නීතිගත කිරීම සදහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර තිබුනා.

කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 යි.

එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබිසාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැති බවයි එම අමාත්‍යංශය කියා සිටියේ.

එම යෝජනා ලැබුනු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවයි.

එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.