බරපතල කොමිසමේ කාලය මාස 06කින් දිගු කරන්නැයි ඉල්ලීමක්

Monday, 04 September 2017 - 13:01

%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+06%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බරපතල වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06 කින් දීර්ඝ කරන ලෙස එම කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි නිල කාලය ඊයේ (03) දිනයෙන් අවසන්වීමත් සමඟ මෙම ඉල්ලීම සිදුකළ බවයි කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

2015 මාර්තු 03 වනදා පත් කෙරුණු මෙම කොමිසමට පැමිණිලි 1599 ක් ලැබී තිබූ අතර, ජනාධිපතිවරයා විසින් කොමිසමේ නිල කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කරනු ලැබුවා.

මේ වනවිට බරපතල වංචා පිළිබඳ සිද්ධීන් 17 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු ඒවායේ වාර්තාවන් කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

බරපතල වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස වැඩිදුරටත් පැවසුවේ දැනට විමර්ශන අවසන් කළ සිද්ධීන් 17 ක් සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරියේදී භාරදීමට නියමිත බවයි.

එමෙන්ම, තවත් පැමිණිලි දෙකක පමණක් විමර්ශන කටයුතු අවසන් කිරීමට නියමිතව පවතින බවද ඔහු සඳහන් කළා.