හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්

Monday, 04 September 2017 - 13:14

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යාපනය - පුංකුඩුතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ලබන 13 වනදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරු කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත් ආර්.ඊ.සබේසන් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර්ට යාපනයෙන් පිටවීමට ආධාර අනුබලදීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුණේ පසුගිය ජුලි මස 15 වනදායී.

වවුනියාව - මාධව කුලසූරිය, වවුනියාව - රොමේෂ් මධුෂංඛ