හාරලක්ෂ 50,000ක ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 04 September 2017 - 15:40

%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%2C000%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිද්දෙනිය - අක්කර 18 ප්‍රදේශයේදී අද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් හාරලක්ෂ 50,000ක වටිනාකමකින් යුත් රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 41ක් සහ ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 245ක් මෙහි ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රධාන සැකකරු මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට මෙම මුදල් මුද්‍රණය කිරීම සඳහා සහය ලබාදුන් තවත් පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.