ලක්සල හිටපු සභාපති ඇතුළු 04 කට ඇප

Monday, 04 September 2017 - 15:39

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+04+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ලක්සල ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන අනිල් කොස්වත්ත ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු අද ඇප මත මුදාහැරුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ සැකකරුවන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමටයි.

2011 වසරේදී කොළඹ කෞතුකාගාර භූමියේ පැවැත් වූ ප්‍රදර්ශනයක අලෙවි කුටි ඉදිකිරීම නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් දූෂණයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.