සරත් ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව පිරිසක් පාරට එයි - කිරිබත්ගොඩින් නුවර පාර හිරවෙයි

Monday, 04 September 2017 - 16:49

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බවට ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සහ අමාත්‍යවරයාට සහය දක්වමින් අද කිරිබත්ගොඩ නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාර දෙකක් පැවැත්වුණා.

මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට කිරිබත්ගොඩ නගරයේදී බාධා එල්ල වූ බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

අමාත්‍ය සරත් ෆොන්සේකාට සහය පළ කරමින් කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවයක් පැවති අතර, ඊට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා කියා සිටියේ යුද සමයේ අපරාධ සිදුකළ පිරිස් සම්බන්ධයෙන් අනුකම්පා නොකළ යුතු බවයි.

කිරිබත්ගොඩ - විජය විමලරත්න පිළිරුව අසලදී අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට සහ ඔහුට විරෝධය පළ කිරීම සඳහා සංවිධාන කර තිබූ විරෝධතාවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

එම අවස්ථාවේදී පොලිසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් කොළඹ - නුවර පාරේ ඉදිරියට පැමිණ කිරිබත්ගොඩ නගරයේදී සිය විරෝධතාව පවත්වා තිබෙනවා.  

මේ අතර, කිරිබත්ගොඩ නගරයේදී අද පෙරවරුවේ ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා.





මේ අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවු ඇතැම් අපරාධවලට සම්බන්ධ බවට අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය හේතුවෙන් ඔහු අපරාධ වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය පහතින්.