අද කළුවරේ වෙන්න ගිය මහා අනතුරක් වැළකූ බණ්ඩාරගේ වික්‍රමය (ඡායාරූප)

Monday, 04 September 2017 - 17:21

%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%96+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ කොටුවේ  සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ  දුමිරිය සිංගිමලේ බිංගෙය තුලදි  පිළි පැන සිදුවිමට ගිය විශාල අනතුරක් එම මාර්ගයේ  මුර සංචාරයේ යෙදි සිටි දුමිරිය සේවකයෙකුගේ දක්ෂතාවය හා කාර්යක්‍ෂමතාවය හේතුවෙන් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුමිරිය ස්ථානයේ නිළධාරියෙකු පැවසුවා.

හැටන් දුමිරිය ස්ථානයෙන් අද (04) පස්වරු 1.45 ට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුමිරිය සිංගිමලේ දුමිරිය උමං මාර්ගයට ලගා වෙනවාත් සමගම කොටගල දුමිරිය ස්ථානයේ සිට හැටන් දුමිරිය ස්ථානය දක්වා දුමිරිය මාර්ගය පරික්‍ෂා කරමින් මුර සංචාරයේ යෙදුණු කේ.එම්  බණ්ඩාර නැමැති සේවකයා සිංගිමලේ බිංගෙය තුල දුමිරිය මාර්ගයේ පිල්ලක් පුපුරා දෙකට වෙන්වි  ඇති බව දැක තිබෙනවා.

එය දුටු වහාම බිංගය තුල දුරකථන සංඥා නොමැති නිසා ක්ෂණිකව ඉදිරියට දුව ගොස් ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුමිරිය නතර කර ඒ බැවි  එම දුමිරිය රියදුරාට මුලින් දැනුමි දි පසුව හැටන් දුමිරිය ස්ථානයට දැනුමි දි තිබෙනවා.

 වහාම ක්‍රියාත්මක වු හැටන් දුමිරිය ස්ථානයේ නඩත්තු සේවකයින් සිංගිමලේ බිංගෙය තුල පුපුරා ගොස් තිබු දුමිරිය පිල්ල අලූත් වැඩියා කර යලිත් දුමිරිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කළා.

මෙම හේතුවෙන් උඩරට දුමිරිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ප්‍රමාදවි තිබෙනවා.

දුමිරිය සිංගිමලේ දුමිරිය තුලදි පිලි පැනිමට ලක්වුයේ නමි එය පිලිගත කිරිමට ප්‍රායෝගික ගැටලූ රැසක් මතුවන බවයි දුමිරිය දෙපාර්තෙමින්තුෙවි ඉංජිනේරු අංශයේ නිළධාරින් පවසන්නේ.

උසස් නිළධාරින්ගේ අනුමැතියකින් තොරව තමන්ට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දිමට නොහැකි නිසා කේ.එම්  බණ්ඩාර මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටියා.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)