අලි රට පටවන්න, නියෝජ්‍ය ඇමතිවරයෙකුගෙන් යෝජනාවක්

Monday, 04 September 2017 - 19:09

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වන අලි ගැටළුව විසදීම සඳහා දැනට මෙරට සිටින අතිරික්ත වන අලි විදේශ රටවලට අලෙවි කළ යුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසනවා.

බලංගොඩ - සම්බන්ධීකරණ රැස්වීම අද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රදේශයට බලපා ඇති වනඅලි ගැටළුව සහ අනෙකුත් සත්ත්ව ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

විවිධ සංවිධාන සහ ප්‍රදේශයේ ආගමික නායකයින් සම්බන්ධීකරණ කමිටුවේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා විසදුමක් ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේදී සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සඳහන් කළේ මෙරට තුළ සිටිය යුතු වන අලි සංඛ්‍යාව 4000ක් වුවත් දැනට එය 6000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මෙහිදී ප්‍රදේශයට බලපා ඇති වල් ඌරන් සහ රිලවුන් පිළිබඳව ද අවධානයට ලක්වූ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ඌරන් සහ රිලවුන් ඝාතනය කිරීමට අවසර ඇත්නම්, එම සතුන්ගේ මස් අලෙවි කිරීමට ද අවස්ථාව ලබා දිය යුතු බවයි.

මේ අතර, වසර 32කට පසු තිරික්කල් රේස් තරගාවලියක් යාපනය - ඌර්කාවත්තුරෙයි - පුදුවේලි ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා.

ඒ සඳහා ගවයින් 35 දෙනෙකු එක් කර තිබූ අතර එහි විශේෂත්වය වුණේ ගවයින්ට පහරදීම තහනම් කර තිබීමයි.

එසේ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංවිධායකයින් තරඟකරුවන්ට කොන්දේසියක් ද පනවා තිබුණා.