උතුරු කොරියාවෙන් තවත් මිසයිල

Monday, 04 September 2017 - 20:04

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD
මිසයිලයක රැඳවිය හැකි හයිඩ‍්‍රජන් බෝම්බයක් අත්හදා බැලීමෙන් පසු උතුරු කොරියාව තවත් මිසයිල යැවීමට සැරසෙන බව දකුණු කොරියාව පවසනවා.

ඇතැම් විට ඒවා අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල විය හැකි බවයි එමගින් සඳහන් කළේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසු තම මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගත් බව ද දකුණු කොරියාව ප්‍රකාශ කළා.

එමෙන්ම ඔවුන් ඊට ප්‍රතිචාර වශයෙන් ජීව උණ්ඩ භාවිත කරන යුද අභ්‍යාස ද ආරම්භ කර තිබෙනවා.