Update : පොළොන්නරුවේ තද සුළඟින් නිවාස 150 කට ආසන්න ප්‍රමාණයකට හානි (ඡායාරූප)

Monday, 04 September 2017 - 20:16

Update+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+150+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - කඳුරුවෙල ප්‍රදේශයට අද පස්වරුවේ වර්ෂාවත් සමග බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 150 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

අප වාර්තාකරුවන් සදහන් කළේ මේ වනවිට ස්ථාන ගණනාවක ගස් කඩා වැටීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ද විසන්ධි වී ඇති බවයි.

පොළොන්නරුව - කඳුරුවෙල ප්‍රදේශය හරහා දැඩි සුළගක් හමා ගියේ අද පස්වරු 3 ට පමණ.

එම අවස්ථාවේදී ප්‍රදේශයට තද වර්ෂාවක්ද පැවතියා.

දැඩි සුළගත් සමග ගස් කඩා වැටීමෙන් නිවාස රැසකට හානි සිදුවූ අතර, බොහොමයක් නිවාසයන්හි වහළ සුළගට ගසාගෙන ගොස් තිබුණා.

අප වාර්තාකරුවන් සදහන් කළේ නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි.

පොලොන්නරුව කදුරුවෙල දුම්රිය ස්ථානයට යාබදව ඇති රජයේ සිමෙන්ති ගබඩාවේ වහළය ද මුළුමනින්ම සුළගට ගසාගෙන ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ හානි වූ නිවාස පිළිබද මෙතෙක් නිශ්චිත වශයෙන් ගණනය කිරීමක් සිදුකර නොමැති බවයි.

කඳුරුවෙල ප්‍රදේශයේ ඉදිකර තිබූ දැන්වීම් පුවරු රැසක් ද කඩා වැටී තිබූ ආකාරයයි මේ.






(ඡායාරූප - රොෂාන් තුෂාර / රසාංග නිරෝෂන් )


Update : Monday, September 4, 2017 21.30
--------------------------------------------------

අද පස්වරුවේ පොලොන්නරුව කදුරුවෙල නගරය ඇතුළු ඒ අවට ගම්මාන රැසක් හරහා හමා ගිය තද සුළගක් හේතුවෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයකට අලාභනි සිදු වී තිබෙනවා.

ප්‍රදේශයේ විදුලි කණු සහ රැහැන් ගැල වී යාම හේතුවෙන් විදුලියද ඇන හිත ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.