වෘත්තියක් සමිතියක් මුදල් අමාත්‍යාංශයේ පදිංචියට සැරසේ

Tuesday, 05 September 2017 - 7:41

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත නව බදු පනත් කෙටුම්පතේ සේවකයින්ට බලපාන අහිතකර වගන්ති ඉවත් නොකළහොත් සේවකයින් සමග පැමිණ මුදල් අමාත්‍යාංශයේ පදිංචිවන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.

සේවක අර්ථසාධක අරමුදල් සඳහා අත්තනෝමතික ලෙස බදු අයකිරීමට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමක් ඊයේ කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරුණා.

ඊට එක්වෙමිනුයි අන්තර් සේවක සමාගම් සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව සඳහන් කළේ.

මේ අතර දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුව එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරතවෙමින් ඉල්ලා සිටියේ නව දේශීය ආදායම් පනත වහා හකුලාගන්නා ලෙසටයි.

එමෙන්ම කලාකරුවන් පිරිසක්ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් නව බදු පනතට එරෙහිව අදහස් පළ කළා.