Update : කදුරුවෙලට බලපෑ සුළඟින් හානි වූ නිවාස සංඛ්‍යාව 170 ක්

Tuesday, 05 September 2017 - 7:43

Update+%3A+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+170+%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - කදුරුවෙල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 4කට බලපෑ තද සුළං තත්ත්වය හානි වූ නිවාස සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ගස් කඩා වැටීමෙන් අවහිර වූ මාර්ග සහ අඩපණ වූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.



Update : Tuesday, September 5, 2017  08.13
--------------------------------------------------------


පොළොන්නරුව - කදුරුවෙල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 4කට බලපෑ තද සුළඟක් හේතුවෙන් නිවාස 150කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඊයේ පස්වරුවේ බලපෑ වර්ෂාවත් සමඟ මෙම තද සුළං ඇති වූ බවයි.

සුළං හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුමද අඩාල වුණා.

එමෙන්ම මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වූ බව සඳහන්.

නිවාස රැසක වහලය සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා.

ගස් කඩා වැටීම හේතුවෙන් රථවාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කදුරුවෙල දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රජයේ සිමෙන්ති ගබඩාවට ද සුළඟින් දැඩි හානි සිදුව තිබෙනවා.  

ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව යොදවා විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්භ කළ බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, ඌව පළාත්වලට මෙන්ම කළුතර, කොළඹ, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම එම වැසිත් සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් පොළොන්නරුව ප්‍රදේශයට ඊයේ ඇතිවූ සුළං තත්ත්වය ටොනේඩෝ සංසිද්ධියක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.