සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය අනතුරට ලක්වෙයි

Tuesday, 05 September 2017 - 9:02

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගමන් කළ ජීප් රථය අද අලුයම අනතුරට ලක්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් ජීප් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයාද ජීප් රථයේ ගමන් කර ඇති අතර, ඔහුට සුළු තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

කෑගල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය ප්‍රදේශයේදී ප්‍රධාන අමාත්‍යවරයා ගමන්ගත් ජීප් රථය ලොරි රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.