යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ පස්දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 05 September 2017 - 10:14

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රියදුරු බලපත්‍රය නොමැතිව ධාවනය කළ හැකි යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගිය මාස කිහිපයක කාලය තුළ යතුරුපැදි සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කළ බවයි.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පස්දෙනා බුත්තල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සොරාගත් යතුරුපැදි 15 ක් හම්බන්තොට - අන්දරවැව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබී සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.