Update - වැලිකඩ රැඳවියන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි

Tuesday, 05 September 2017 - 10:44

Update+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් රැඳී සිටි  මොරටුව - ලුනාව - පුරන් අප්පු රජ මාවතේ නිවසට ඊයේ  රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙන බවයි.

සුදේශ් නන්දිමාල් රැඳී සිටි ඔහුගේ සහෝදරියට අයත් මෙම නිවසේ ගේට්ටුවට ද වෙඩි තැබීමෙන් හානි සිදුවී තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී සුදේශ් නන්දිමාල් ද එහි සිට ඇති බව සඳහන්.

2012 වසරේ නොවැම්බර් 11 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් සුදේශ් නන්දිමාල් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සමක් මේ මස 12 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

එමෙන්ම ඊයේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයේදී සුදේශ් නන්දිමාල්ගෙන් පොලීසිය ප්‍රකාශයක්ද ලබාගත්තා.

ඒ, තමන් ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුවයි.

Update :- Tuesday, September 5, 2017 12.36 Pm
-------------------------------------------------------------------

මොරටුව - ලුනාව පුරන් අප්පු රජ මාවතේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් නිවැසියන්ට හානියක් සිදුවී නොමැති අතර, නිවසේ දේපළවලට හානි සිදුවී තිබෙනවා.