පොලිසියට අලුත් උපකරණ 90,000ක්

Tuesday, 05 September 2017 - 15:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+90%2C000%E0%B6%9A%E0%B7%8A
රියදුරන්ගේ බීමත්කම පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නළ 90,000ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ මේ අනුව ඉදිරි දිනවලදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු දැඩි කරන බවයි.

ඔවුන්ට එරෙහිව කඩිනමින් අධිකරණයන්හි නඩු පැවරීමට කටයුතු කරන බව ද එහි දක්වා තිබෙනවා.

එමෙන්ම බීමත් රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ද යම් කාලයකට අත්හිටුවීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළා.