යළි ලබා ගත නොහැකි බලයක් විග්නේෂ්වරන් ඉල්ලයි

Tuesday, 05 September 2017 - 18:58

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නැවත ලබාගත නොහැකි ආකාරයට බලය බෙදීමක් අවශ්‍ය බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා. දෙමළ ජනතා සංසදය යාපනයේදී අද සංවිධාන කර තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 ‘‘අපිට  ඕන බලය බෙදීමක්. ඒක ඒකීය පාලනය තුළ ආවත් කමක් නැහැ, ෆෙඩරල් පාලනය තුළ ආවත් කමක් නෑ කියලා ඇතමුන් කියනවා. අපි වෙන්වෙලා යනවා කියලා සමහර අය බියක් ඇති කරගන්නවා. එහෙම එකක් නැහැ.  ඕන නම් අපිට ඉන්දියාව, බ්‍රිතාන්‍යය හෝ වෙන මොකක් හරි රටක් හරහා එහෙම නොවෙන බවට සහතික වෙන සම්මුතියකට එළැඹෙන්න වුනත් පුළුවන්. ඒකීය පාලනය තුළ කොතරම් බලය බෙදීමක් සිදුවුණත්, ඒක හරියට දීපු අයම නැවත ලබාගනීවි කියන තත්ත්වයට කවදාහරි පත්වෙයි කියලා අපි අමතක නොකළ යුතුයි. බහුතර අය අපිව පාලනය කරන විදියට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ නිසා නැවත ලබාගන්න බැරි විදියට බලය නීත්‍යානුකූලව තිබිය යුතුයි. එහෙම වුනොත් විතරයි අපි නිදහසේ ජීවත් වෙන්නේ.’’