විශේෂ කැබිනට් රැස්වීමක් අද - නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමත් ජනපති හමුවේ

Wednesday, 06 September 2017 - 7:52

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද දහවල් 12ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ මෙහිදී පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතට අදාළව සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුන, අනුමත කර ගැනීම මේ අනුව අද (06) සිදුවනවා.

මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා එම පනත් කෙටුම්පත්.

අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය ඊයේ (05) පෙරවරුවේ දැනුම් දී ඇතැයි සඳහන්.

ඊයේ පොහොය යෙදී තිබීම හේතුවෙන් මේ සතියේ කැබිනට් රැස්වීම නොපැවෙත්වෙන බව හා ලබන සතියේ සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්වෙන බව පසුගිය සතියේ කැබිනට් රැස්වීමේ දී ඇමතිවරුන්ට දැනුම් දී තිබුනා.

මෙම පනත් කෙටුම්පත් අද කැබිනට් මණ්ඩලයේදී අනුමත කර ගැනීමෙන් පසු ඉතා නුදුරේදී ම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇති.

ඊළඟ සතියේ දී මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය දා සම්මත වූ අතර ඡන්දය පැවැත්වීමට තවත් පනත් 3ක් (මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) සම්මත විය යුතු බව සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 8ට පැවැත්වෙනවා.

මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට පසුගිය දා ප්‍රකාශයන් සිදුකළ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමදී සඳහන් කළේ.

තවත් වසර 02කින් පසු සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළා.

මෙසේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණ කණ්ඩායමක් ලෙස සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මීට අමතරව පළාත් පාලන මැතිවරණය, 20 වන සංශෝධනය පිළිබඳවද අද අවධානය යොමු වනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සංවත්සරයට නොපැමිණි නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන ද මෙහිදී සාකච්ඡා වනු ඇති බව දැනගන්නට ලැබෙනවා.