හෙටින් පසු වැසි තත්වයේ අඩුවක් - දිස්ත්‍රික්ක 3ක නාය යාම් අවධානම තවදුරටත්

Wednesday, 06 September 2017 - 8:31

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++-+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+3%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද දිනයේත් වැසි තත්වයක් පවතින නමුත්, එය හෙට දිනයෙන් පසු තරමක අඩුවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තරමක තද සුළං ඇති විය හැකි බව ද ඔවුන් නිවේදනය කරනවා.

මේ අතර, කළුතර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළා.