දකුණු අප්‍රිකානු ජනාධිපති දිවයිනට

Wednesday, 06 September 2017 - 9:28

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සුළු වේලාවක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

චීනයේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගි වී නැවත සිය රට පැමිණෙමින් සිටියදී ආහාර සහ යානාවකට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රී 10ට පමණ ඔවුන් පැමිණි දකුණු අප්‍රිකාවට අයත් විශේෂ යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බව සඳහන්.

පසුව අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමෙන් පසුව රාත්‍රී 11.30ට පමණ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස රැගත් යානය යළි පිටත්ව ගොස් තිබෙනවා.